දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේත් නැගෙනහිර සහ ඌව (විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ) පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14දා) සඳහන් කරයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකිය.
විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් වැසි ඇතිවන ප්‍රදේශවල වැසි සමග තද සුළං හා අකුණු ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.