අප්‍රේල් මස 10 දක්වා දිවයිනේ නිරිත දිග කොටස් හැර අනෙක් සියලු ප්‍රදේශයන්හි සවස 02.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් වැසි ඇතිවන ප්‍රදේශවල වැසි සමග තද සුළං සහ අකුණු කෙටීම් ඇතිවිය හැකි බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම මස 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් සූර්යයා පිහිටන අතර, මේ හෙයින් අද (06දා) දහවල් 12.13ට බම්බලපිටිය, මාලිබොඩ, වැලිමඩ, බඩල්කුඹුර, දොඹගහවෙල සහ පොතුවිල් යන ප්‍රදේශවල හිරු මුදුන්ව පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.