විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට සිදුකරන ලද පහරදීම පිළිකුලෙන් හෙළා දකින බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
මතවාදී වෙනස්කම් හා මතවාදී පරස්පරතා ප්‍රජාතන්ත්‍රවාදීව සහ සංවාදයන් තුළින් විසඳාගත යුතු බව පෙන්වා දෙන ජාතික හෙළ උරුමය තම සංවිධානය ආරම්භයේදී රංජිත් දේවසිරි මහතා හා මත ගැටුම් පැවැති බවත් පෙන්වා දෙයි.
දේවසිරි මහතාගේ මතවාද නොඉවසුවත් කිසිසේත් නොපිළිගත්තත් ඔහුට ශාරීරික වශයෙන් කරන ලද පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට එය බාධාවක් කර නොගන්නා බව ජාතික හෙළ උරුමය පවසයි.
" වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටි පුද්ගලයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා වෘත්තිය සමිති නායකයෙකු ද වේ. ඔහුට ජාත්‍යන්තර කම්කරු දිනයකදී ඒ වෙනුවෙන් පැවති රැළියකදීම පහරදීම කණගාටුවට කරුණකි. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ට හා බලවේග වලට අපගේ දැඩි පිළිකුල හා අප්‍රසාදය පළකර සිටින්නෙමු" යැයි ජාතික හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.