නිරපරාදේ කිසිම පුද්ගලයෙකුට චෝදනා එල්ල නොකළ යුතු බවත්, විමර්ශනය කරනවා නම් 88,89 කාලයේ සිදුවීම්ද විමර්ශනය කළයුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එලෙස විමර්ශනය කළහොත් වත්මන් පාර්ලිමේන්තුවේ ඇතැම් පුද්ගලයන්ටද ඒ වෙනුවෙන් පිළිතුරු දීමට සිදුවනු ඇතැයිද, තමාටද ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට හැකියාව ඇතැයිද අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් රජයේ ප්රමුඛ අවධානය යොමුවිය යුත්තේ මහජනයාගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමට මිස නිරපරාදේ චෝදනා එල්ල කිරීමට නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.