බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කාමරය බිඳ ජංගම දුරථන 10ක් සොරකම් කළ බවට සැකකරන සිසුන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි. 18 සහ 17 යන වයස් කාණ්ඩවල අයත් එම විද්‍යාලයේම සිසුන් හතර දෙනෙකු හා ඌව මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
එහි සිටි සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කල්ලියේ අනෙක් සැකකරුවන් 4දෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බවද පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබූ සොකරම් කරන ලද ජංගම දුරකථන සොයා ගත් බවද පොලීසිය පවසයි.
මෙම විදුහලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර ඇති අතර සිසුන් පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හමුවන ජංගම දුරකථන ලබා ගෙන දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට බාරදීමට නියෝජ්‍ය විදුහල්පති කාමරයේ තබා තිබියදී මෙම සොරකම සිදුවී ඇතැයි නියෝජ්‍ය විදුහල්පතිවරයා බදුල්ල පොලීසියට කරන ලද ප්‍රකාශයේ සඳහන්ය.
බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික් රෝහිත, උපපොලිස් පරීක්ෂකවරුන් වන මංගල ජයතිලක, එස්. වතුකාර ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වති.