පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අද (19දා) පෙරවරුවේදී ඔවුන් අග්‍රාමාත්‍යවරයාට පිරිනමා ඇත. නියෝජ්‍ය කථානායක ධුරය දරූ තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරය මෙසේ පුරප්පාඩු වී තිබේ.