සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්වකාර්ය මෝටර් රථ සඳහා නියමිත දිනට බදු මුදල් නොගෙවන අයගෙන් 50% කදඩ මුදලක් අය කරන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල් එස්.එච්. හරිස්චන්ද්ර මහතා ‘අද’ට පැවසීය.
1995 වසරේදී සුඛෝපභොගී මෝටර් රථ සඳහා බදු අයකිරීමට නීතිගත කළ පනත පනත අනුව මෙම බදු අයකිරිම් සිදුවෙයි.
සුඛෝපභෝගී ගණයට අයත් වාහන ලක්ෂ දොළහක් පමණ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇත.
මෝටර් රථ දෙපාර්තමේන්තුව රක්ෂණ සමාගම් සමග ඔන්ලයින් සේවා (අන්තර්ජාල පහසුකම්) ආරම්භ කොට ඇති බැවින් බදු මුදල් ගෙවීමේදී රක්ෂණ සමාගම්වලට කිසිදු වංචාවක් සිදුකිරීමට නොහැකි බවද හරිස්චන්ද්ර මහතා පැවසීය.