නියඟයෙන් හානියට පත් ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5ක මුදලක් මේ වනවිට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකර ඇතැයි ජනාධිපති කාර්යාලය පැවසීය.
එම මුදලින් රුපියල් බිලියන 1.43ක ප්‍රතිපාදන දැනටමත් අදාළ කටයුතු සඳහා යොදවා තිබෙන අතර පුත්තලම, කුරුණෑගල, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වියළි ආහාර සලාක නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
මඩකලපුව, ත්රිකුණුමලය, අම්පාර, බදුල්ල, හම්බන්තොට, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවටද එම වියළි ආහාර සලාක නිකුත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසන බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රා‘දේශීය ලේකම්වරුන් විසින් තෝරාගන්නා ලද ගොවි ජනතාව වෙත සමූපකාර සමිති හරහා මෙම වියළි ආහාර සලාකය නිකුත් කරනු ලැබේ.
නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිතිගොල්ලෑව ප්‍ර‘දේශයේ සිදුකරන ලද සංචාරයේදී ලබාදුන් උපදෙස් අනුව මෙම වියළි ආහාර සලාකය නිකුත් කෙරෙන අතර, නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම ඇතුළු සෙසු සුභසාධන කටයුතු සඳහාද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
මේ වනවිට පවතින නියං තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 15ක පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 500,000කට ආසන්න වෙතැයි සඳහන් කෙරුණද, ඉදිරි කාලයේදී තවදුරටත් වර්ෂාව නොලැබුණහොත් එම පවුල් සංඛ්‍යාව 600,000ක් වෙතැයි අපේක්ෂා කෙරෙන බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබුණද, නියං තත්ත්වය පහව යාම සඳහා එම වර්ෂාව ප්‍රමාණවත් නොවන බව අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වාර්තා කර තිබේ. විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්ක‘වල නියං තත්ත්වය උග්‍ර ‘වෙමින් පවතින බවද වාර්තා වේ.
කෙසේ වෙතත් තවදුරටත් මෙම සහන සැලසීම අඛණ්ඩව ඉදිරි මාස 02 දක්වා කළයුතුව ඇති අතර, අපේක්ෂිත වර්ෂාව නිසි පරිදි නොලැබුණහොත් තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල ලබාදීමට මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.