නියඟය හේතුවෙන් වගාවන් විනාශයට පත්වූ ගොවීන්ට මාර්තු මස සිට මාස හතරක් දක්වා අඛණ්ඩව වන්දි ගෙවීමට රජය තීරණය කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වී වගාව විනාශ වූ ගොවීන්ගේ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් දසදහසක වන්දියක් ගෙවන බවත් සෙසු භෝග වගාකරන ගොවීන්ටද මෙම වන්දිය ලබාදීමට සලකා බලන බවත් හෙතෙම පවසා සිටියේය.