දිස්ත්‍රික්ක දොළහකට අධික ප්‍රමාණයකට බලපා ඇති නියං තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් පීඩාවට ලක්ව තිබෙන බව වාර්තා වේ. මීට අමතරව කුඹුරු අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන බවද වාර්තා වේ.
පවතින නියං තත්ත්වය පිළිබඳව රජය මැදිහත්ව විධිමත් සංගණයක් සිදුකර තිබෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ පමණක් වන අතර, එම සමීක්ෂණයට අනුව ඊයේ දහවල් 12.00 පමණ වනවිට පවුල් 41566 කට අයත් පුද්ගලයන් 132 377 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බව සොයාගෙන තිබේ.
මේ අනුව එම දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25157 කට අයත් පුද්ගලයන් 75471 ක්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4274 කට අයත් පුද්ගලයන් 13,638 ක්, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පවුල් 630 කට අයත් පුද්ගලයන් 2730 ක් පීඩාවට පත් වී තිබෙන බව සොයාගෙන ඇත.
ලංකාපුර ප්‍රදේශයේ පවුල් 736 කට අයත් පුද්ගලයන් 2395 ක්, මැදිරිගිරිය ප්‍රදේශයේ පවුල් 5996 කට අයත් පුද්ගලයන් 22,519 ක් හා ඇලහැර ප්‍රදේශයේ පවුල් 4773 කට අයත් පුද්ගලයන් 15624 ක් පීඩාවට පත්ව තිබෙන බවද රජය මැදිහත්ව සිදුකළ සමීක්ෂණයේදී හෙළි කරගෙන තිබේ.
මීට පෙර සිදුකළ සොයා බැලීමකදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 15858 කට අයත් 60,596 කට අධික පුද්ගල සංඛ්‍යාවකට බීමට ජලය සොයාගැනීමට නොහැකි තත්ත්වක් උදාවී තිබෙන බවද සොයාගෙන ඇත.