ඉදිරියේදී ඇතිවන නියං තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දිනකට ජලය ලීටර් ලක්ෂ දෙක බැගින් අදාළ ප්‍රදේශ වෙත සැපයීමට තීරණය කර තිබේ.
එමෙන්ම දිසාපතිවරුන් හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ පුද්ගලික අංශයේ ජල බවුසර සඳහා නොමිලේ පිරිසුදු පානීය ජලය ලබාදීමටද මණ්ඩලය තීරණය කර තිබේ.
මොණරාගල, හම්බන්තොට, පොළොන්නරුවයන දිස්ත්‍රික්ක තුළ මෙන්ම අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව සහ මහියංගණ දිස්ත්‍රික්ක තුළද ඇති විය හැකි නියං තත්ත්වය පිළිබඳ තවදුරටත් අවධානයෙන් සිටින බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.