මොනරාගල - කහන්බාන කලුදිය ඇල්ල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මොනරාගල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් අතර යකැදුරන් 02ක් ව්‍යපාරිකයෙකු හා තවත් වයස අවු 22 - 55 දක්වා විවිධ වයස් කාණ්ඩ වල පසුවෙන පුද්ගලයන් වන බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් විසින් නිධන් හෑරීමට උපයෝගී කරගත් බවට සැක කරන ගන්නා උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා උපකරණ අද (2 දා) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොනරාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඇතිමලේ අයි. ජී.ජේ. නයන