පුද්ගලයෙක් කුමන ආගමක් ඇදහුවත්, කුමන භෂාවක් කතා කළත් සෑම කෙනෙකුටම රට තුළ නිදහසේ, සතුටින් සාමයෙන් සිටිය හැකි රටක් ගොඩනැගිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.
පොළොන්නරුව, කඳුරුවෙල ප්‍රධාන මුස්ලිම් පල්ලියේ පැවති ආශීර්වාද වැඩ සටහනකට එක්වෙමින් අනතුරුව ජනපතිවරයා මේ බව පැවැසුවේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටේ සිංහල ,මුස්ලිම් හා දෙමළ සියලු ජන කොටස් සඳහා අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වූ බවත් ඒ අනුව රටේ සමස්ත දකුණ, බටහිර, නැගෙනහිර හා උතුරු ජනතාව තමන් තෝරා පත් කර ගත් බවත්ය.
ඒ අනුව අලුත් ආණ්ඩුව තුළින් රටට අවශ්‍ය වෙනස්කම් රැසක් මහජනතාව බලාපොරොත්තු වන බවත්, රටේ ජීවත් වන සෑම අයෙකුටම නිදහසේ, සතුටින් සාමයෙන් සිටිය හැකි රටක් ගොඩනැගීමට කැප වී සිටින බවත් ජනපතිවරයා සඳහන් කළේය.