ශ්‍රී ලංකාවේ පවත්වන ලද මැතිවරණ අතර හොඳම මැතිවරණය ලෙස මෙවර මැතිවරණය නම් කළ හැකි බවත්, ඒ සඳහා දේශපාලඥයන්, මහජනතාව, නිලධාරීන් ඇතුළු සියල්ලෝම සහයෝගය ලබාදුන් බවත් දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ ආයතන සංසදයේ විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රධානී ඉබ්රාහීම් වහීම් මහතා පැවසීය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ අතරින් ඉතාම නිදහස් හා සාධාරණ අයුරින් පැවැත් වූ හොඳම මැතිවරණය බවද හෙතෙම මේබව පැවසීය.
දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ ආයතන සංසදයේ විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් 30 ක් ලංකාවට පැමිණි සිටි අතර,කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් දැක්වීය
ඡායා - ඉසුරු පෙරේරා