68 වැනි නිදහස් සැමරුම ආරම්භ කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනිය අමුත්තන් මේ වන විට ප්රධාන පීඨිකාව වෙත පැමිණෙමින් සිටියි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාද පැමිණ සිටියි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද මේ වන විට එම ස්ථානයට පැමිණ සිටියි.
හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එම අවස්ථාවට පැමිණියේය.