තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාත්, තමාගේ ආසනය වන දඹදෙණිය ආසනය පුරාත් අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා හැරීමට පිරිසක් කටයුතු කර ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
තමා සෑමවිටම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගෙන පක්ෂයේ ප්‍රතිපත්ති මත පදනම්ව බවත්, කිසිදිනෙක පක්ෂය හැර නොයන බවත් පැවසූ ඒ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජානතා නිදහස් සන්ධානයෙන් පමණක් බවත් කියා සිටියේ ය.
"මේ දවස්වල දුරකථනයෙන් කතා කරද්දි හැමෝම අහන්නේ පක්ෂය දාලා යනවද කියලා. ඉතිං ඒ හැමෝටම මම කියන්නේ එහෙම නෑ. ඒක බොරුවක් " යනුවෙන් අද (19) පෙරවරුවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම සඳහන් කළේය.