වර්තමානයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ගැටලුවකට මුහුණ දී ඇති නමුත්, ජනතාව නැවතත් පක්ෂය ගොඩනංවා පක්ෂයට බලය ලබාදෙනු ඇති බව ශ්රී ලංකා නිදහස් පක්ෂ නවමහලේකම්මහාචාර්යරෝහණලක්ෂ්මන්පියදාසමහතාපැවැසීය.
සිය තනතුරේ වැඩ බාරගැනීමෙන් අනතුරුව අද (04දා) ඔහු මෙම අදහස් දැක්වීය.“ශ්රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේදී ගැටලුවකට මුහුණදී තිබෙන අවස්ථාවක්. සුවිශේෂීභාවය තමයි මේ රටේ ජන පදනම තියෙන, මිනිසුන්ගේ හදවත දිනාගත්ත ශ්රී ලංකා නිදහස් පක්ෂයට නැවතවතාවක් මිනිස්සු තමන්ට කරන ලද කෘතවේදීත්වය සලකමින් පක්ෂය නැවත ගොඩනගනවා. පක්ෂයට නැවත බලය අරගෙන දෙනවා.
මට හිතෙනවා මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ පක්ෂයේ නව ප්රතිසංස්කරණ ඉතාම කෙටි කාලයකින් වඩාත් ප්රතිඵලදායී ලෙස පහළ ඉඳන් ඉහළට ගොඩනගන්න පුළුවන්* යනුවෙන් ඔහු අදහස් දක්වා සිටියේය.