ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 13ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පැවැසුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළත් ඇමතිවරුන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි.
සුසිල් ප්‍රේම්ජයනත්, සුසන්ත පුංචි නිලමේ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එස්.බී. දිසානායක,ඩිලාන් පෙරේරා,චන්දිම විරක්කොඩි, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථවාවට එක්ව සිටියහ.