ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබාගෙන තිබේ.
ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා පත් කර තිබිම විශේෂත්වයෙකි. හිරියාල ආසන සංවිධායක ලෙස පත් කෙරුණේ වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික මහතායි. කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා මහතා සහ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පත් කර තිබේ.
කළුතර දිස්ති‍්‍රක් සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා මහතා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ මහතා ද, කෑගල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර මහතා ද, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න මහතා ද පත් කර තිබෙන අතර බෙන්තර – ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න මහතා සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුන් ද පත්ව සිටි.