තමන් කිසිවිටකත් ශ්රී ලංකා නිදහස් පක්ෂය පාවා නොදෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
උෟරබොක්ක ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (27දා) ඔහු මේ බව පැවැසීය.
"මම තමයි ශ්රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිය නැති එකම කෙනා. යූ.ඇන්.පියට පාවා නුදුන්නේ මම. දැන් ඉන්න ගොඩක් අය පාවාදුන්නා. අපි පාවාදුන්නේ නෑ. දෙන්නෙත් නෑ. යන රටාව අනුව අපට කියන්න බෑ පක්ෂ බිහිනොවී තියෙයි කියලා"