ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 07 වනදා ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී පැවැත්වෙයි.
‘ජාතික සමගියට කම්කරු ජවය’ තේමාව යටතේ සියලු පළාත්වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.