අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 126 දෙනා නාවික හමුදාව විසින් අද එරට බලධාරීන් වෙත භාරදී තිබේ. කංකසන්තුරේ මුහුදු සීමාවෙන් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ධීවරයන් 78 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත භාරදුන් බව නාවික හමුදාව පැවසීය. අනෙක් ධීවරයන් පිරිස තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත භාරදී තිබේ.