පෙබරවාරි 04 වැනි දින පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම දැකබලා ගැනීමට සාමාන්‍ය ජනතාවටද අවස්ථාව ලබාදෙන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේය.
නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට බලාපොරොත්තු වන සියලු දෙනා උදේ 8.00 ට පෙර ගාලු මුවදොර පිටියට ඇතුළත් විය යුතු බවත්, සියලු දෙනාට ලේක්හවුස් වටරවුමෙන් පරණ පාර්ලිමේන්තුව අසලින් ගාලු මුවදොර පිටියට ඇතුළත් විය හැකි බවත් ඔහු පවසා සිටියේය.
රථවාහනවලින් පැමිණෙන ජනතාවට රථවාහන නවතා තැබීමට පහසුකම් සලසා තිබෙන බවත්, ඒ පිළිබඳව ලේක් හවුස් වටරවුමේදී දැනුවත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඡායාරූපය ඉසුරු පෙරේරා