ඉදිරියේදී දේශපාලන චලනයන්ටද ඉඩකඩ ලබාදෙමින්ජාතික ලැයිස්තුවේ ප්රධාන අරමුණු ඉටුවන ආකාරයට ජාතික ලැයිස්තු පිරවීමට අදාළ නීති සහ නිර්ණායක සකස් කරන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂරෝහණ හෙට්ටිආරච්චි මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
එමෙන්මඑහිදී කාන්තා නියෝජනය කෙරෙහි අවධානය යොමුකරන ලෙසත්,යම් හෙයකින් සුවිශේෂී හේතූන් මත පරාජිත අපේක්ෂකයන් තෝරාගැනීමට සිදුවන්නේ නම් ඒ සදහා විශේෂ නිර්ණායක සහ සීමාවන් පැනවීමට ක්රියාකරන ලෙසත් හෙතෙම සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.