නිතී කොමිෂන් සභාව සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සාමාජිකයින් පත් කර තිබේ.
අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා පත් කර ඇති අතර සිසු සාමාජිකයින් 14 දෙනෙකුද පත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් වන පාලිත ප්රනාන්දු, එස් අනිල් සිල්වා, මනෝහාර ද සිල්වා, ආචාර්ය හර්ෂ කබ්රාල්, ඉක්රම් මොහොමඩ්, සංජීව ප්රනීත් ජයවර්ධන යන මහත්වරුන් නම් කර තිබේ.
එමෙන්ම නීතීඥවරුන් වන ආචාර්ය ලක්ෂ්මන් මාරසිංහ, ධාරණි එස්. විජයතිලක, ආචාර්යය කාමිනා ගුණරත්න, එම්. ස්වාමිනාදන්, එන්. සෙල්වක්කුමාරන්, නවීන් සුරත් මාරපන, තිසාත් විජයගුණවර්ධන, ජී.ජී. අරුල්ප්රගාසම් යන මහත්ම මහත්මියයන් නම් කර ඇති බව වාර්තාවේ.
2015 මාර්තු මස 18 වන දින සිට ක්රියාත්මක වන පරිදි අවුරුදු පහක කාලසීමාවකට අදාළ නීති කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කර ඇති අතර 1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන යටතේ අදාළ පත්කිරීම් සිදුකර ඇති බව සඳහන්ය.