මෙරට සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක ආමාත්යංශයේදී පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා සහ ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය වරයා අතර දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී මුහුදු මඟින් සිදුකෙරෙන නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සහ රටතුල ප්රජාතාන්ත්රීය වෙනස්කම් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.