නිට්ටඹුවේ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනීමට පොලීසිය සමත්ව තිබේ. ස්වර්ණාභරණ ආයතනය කොල්ලකෑමට සැකකරුවන් සිව්දෙනෙක් පැමිණියත් එයින් දෙදෙනෙක් සේවකයන් විසින් අල්ලාගනු ලැබීය.
අනෙක් සැකකරුවන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් ළග තිබී අත් බොම්බ දෙකක්ද සොයාගෙන තිබේ. එසේම මෙම සැකකරුවන් දෙදෙනා මීට ඉහතදී මංකොල්ලකෑම්, බාලවයස්කාර අපරාධ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අවශ්‍ය වූ පුද්ගලයන් දෙදෙනෙක් වන බව පොලීසිය කියයි.