ශ්‍රි ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙසට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා වද නොවන බවත් ඔහු තවදුරටත් සිය ධුරයේ සේවය කරනු ඇති බවත් අගවිනිසුරුවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ විජේරත්න කොඩිප්පිලි මහතා පැවසීය.
ඒ අනුව අගවිනිසුරු මොහාන් පිරීස් මහතා ඉදිරියටත් සිය රාජකාරි සිදු කරනු ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතිඥ කණ්ඩායම්වල ඉල්ලීමට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවනු ඇති බවත් කොඩිප්පිලි මහතා පැවැසීය.
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දින එනම් ජනවාරි මස 9 වැනි දින අලුයම අරලියගහ මන්දිරයේ රැඳී සිටීමෙන් විනිසුරුවරයකුට නොගැලපෙන ක්‍රියාවක් සිදුකොට ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කර ඇත.