විධායක ජනාධිපතිවරයෙකුසෑමවිටම සත්‍ය කතා කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අම්පාර ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඊයේ (29දා) ප්‍රකශ කළේය.
“පත්තරේ උදේ පාන්දර බලනකොට මමත් උඩ ගිහිල්ලා. ට්‍රිලියන 10ක් විදේශ විනිමය හොරකම් කර ඇත. එයින් 09ක්ම ආවගිය තැනක් නැත. මේ රටේ ජනාධිපතිවරයා. මට එංගලන්තයෙන් කොල් එනවා. ප්‍රංශයෙන් ආවා. මේක ඇත්තද මොකක්ද කියලා. කලබල වෙලා. මම ඇහුවා ඇයි ඔයාලා කලබල වෙන්නේ.
නෑ මේ මේක දැක්කම කවුද කලබල නොවෙන්නේ. ට්‍රිලියන 10 ඇමෙරිකන් ඩොලර් වැඩිකරපියකෝ එකසිය පනස් ගාණෙන්. එක ට්‍රිලියනයක් තියෙනවලු. අනෙක් ආවගිය එක්වා දන්නේ නැතිලු කොළේකවත් නැතිලු. කෝටි ලක්ෂයයි ට්‍රිලියනය කියන්නේ.
එක්කො මෙයාට බිලියන, මිලියන, ට්‍රිලියන, රුපියල් දාහ, දෙදාහ, මේක අවබෝධයක් නෑ. එහෙම නැත්නම් අමූලික බොරු කියලා පුරුදු වෙලා ඔහේ කටට එන එකක් කියලා දානවා.
ජනාධිපතිවරයෙකුට එහෙම කරන්න බෑ. මමත් හිටියා ජනාධිපතිවරයෙක් වෙලා. විධායක ජනාධිපතිවරයා බොහොම වගකීමකින් හැම වචනයක්ම කතා කරන්න ඕන. නිකම්ම නිකන් සිරිසේනට පුළුවන් ඕන දෙයක් කියන්න. හැබැයි විධායක ජනපති සිරිසේනට එහෙම කියන්න අයිතියක් නෑ.
වගකීමක් ඇතිව කියන්න ඕන. මොකද ඒ කියන හැම වචනයකම තියෙන්න ඕන සත්‍යය මිසක් බොරුව නෙමෙයි. ඒකටම හරියන අගමැති රනිල් වික්‍රමසිංහ. හරි ජෝඩුව. මේ දවස්වල පොඩි රඟපෑමක් කරනවා.”