ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
මෙම යෝජනාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පිරිස , විපක්ෂයේ අසුන්ගෙන ඇති 16 කණ්ඩායම මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාම සිය එකඟතාව පළ කර ඇතිබවද වාර්තාවේ.
නියෝජ්‍ය කථානායකධුරය බාරගැනීම සම්බන්ධයෙන් %අද^ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගෙන් විමසූ අවස්ථාවේදී එය පක්ෂයෙන් කළ යෝජනාවක් බැවින් නියෝජ්‍ය කථානායක ධුරය බාරගැනීමට තමන් සූදානම් බව පැවසුවාය.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුපක්ෂය නියෝජනය කරන අංගජන් රාමනාදන් මහතා යෝජනා කර තිබිණි. එම යෝජනාව මෙතෙක් ඉවත්කරගෙන නොමැති බවද 'අද'ට වාර්තාවේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තාවේ.
නියෝජ්‍ය කථානායක ධුරය හෙට(05දා) පාර්ලිමේන්තුවේදී පත්කිරීමට නියමිත අතර, එහිදී නම් කිහිපයක් එම තනතුරට යෝජනා වුවහොත් ඡන්ද විමසීමකට යොමුවීමට සිදුවන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන්කළේය.
හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමත් සමග නියෝජ්‍ය කථානායක ධුරය හිස්විය.