හම්බන්තොට වරාය සේවකයන් විසින් සිදුකළ වර්ජනයේදී වරාය දේපොළවලට සේවකයන් සිදුකළ අලාභහානි පිළිබඳ වාර්තාවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වාර්තාව කැඳවා තිබූ අතර, මේ අනුව වර්ජන කාලය තුළ සිදුවූ සමස්ත ක්‍රියාවලියම එහි ඇතුළත් වී තිබෙන බවත් සිදුකළ වර්ජන ක්‍රියාවලිය නිසා කේ ලයින් ආයතනයට ඩොලර් ලක්ෂ 04 ක වන්දියක් ගෙවීමට රජයට සිදුව තිබෙන අතර තවත් නැව් කිහිපයක් ප්‍රමාද ගාස්තු ඉල්ලීමටත් නියමිතව බවද එම වාර්තාවේ සඳහන් වෙයි.