නැවත කිසි දිනෙක පොදු අපේක්ෂකයන්ට සහාය නොදෙන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
මේ කාරණය තමා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද පැවසූ බවත්,2020 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද පැහැදිලි වෙනසක් විය යුතු බවත් ඔහුසඳහන්කළේය.
පක්ෂය තුළද පැහැදිලි වෙනසක් විය යුතු යැයිද සඳහන් කළ සේනසිංහ මහතා එය අලුත් අවුරුද්දට ප්‍රථම සිදුවනු ඇතැයිද පැවසීය.
අද (29දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.