නවක වද සිද්ධියක් මුල් කරගනිමින් ඉකුත් 25 දා වසා දැමුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු අනිද්දා (13දා) දින සිට ක්‍රියාත්මක වන බවත් අනෙකුත් සියලු වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන 18 වැනිදා ආරම්භ කෙරෙන බවත් විශ්වවිද්‍යාල පරිපාලනය ප්‍රකාශ කරයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ වෛද්‍ය හා හෙද සිසුන් ලෙස නවක සිසුන් ඉකුත් පෙබරවාරි මසදී බඳවා ගැනුණු අතර, නවක වද සිද්ධියක් මුල් කරගෙන ඇති කරගත් නොසංසුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය වසා තැබීමට පියවර ගැනුණි.
ශිෂ්‍ය සංගම් හා ආචාර්යවරුන්ගේ සංගම් එක්ව නවක වදය පිටුදැකීම සඳහා එකඟතාව පළකරමින් සැකසූ ක්‍රියාකාරී සැලැස්ම නිසා ලබන ජුනි 13 වැනිදා හා ලබන 18 වැනිදා එම පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දෙයි.