නැගෙනහිර පළාත් සභාවේ සැසි වාරය පැවති ඊයේ (20දා) විපක්ෂයේ අසුන්ගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ නවක පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.
වෛද්‍ය අරුණ සිරිසේන හා මෙත්තානන්ද සිල්වා යන මහත්වරු මෙසේ විපක්ෂයේ අසුන් ගත්හ.
පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව කැඳවූ අවස්ථාවේ නැගීසිටි මෙම මන්ත්‍රීවරු දෙපළ පක්ෂ නායකයන්ගේ ආශිර්වාදය ඇතිව මධ්‍යම රජයේ ජාතික ආණ්ඩු සංකල්පයට පූර්වාදර්ශයක් ලබාදෙමින් ආණ්ඩු පක්ෂය සමග එක්වන බව කියා ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබීය.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව