නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ අමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා හා සන්ධාන මැති ඇමතිවරු 11 දෙනෙක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.
නැගෙනහිර පළාත් සභාවේ ජාතික ආණ්ඩුවක් පිහිටවීම සඳහා මුස්ලිම් කොංග්‍රසයට සහාය දැක්වුවද එම පක්ෂය එකඟතා කඩකරමින් තිබෙන බව ඔවුහු පවසති.
එළැඹෙන 24දා පැවැත්වෙන පළාත් සභා සැසිවාරයේදී මන්ත්‍රී පිරිස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.