මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයෙන් යුතු නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර භාර ගන්නා මෙන් දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලින් මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කර තිබේ.
සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජන කොටස් තුන එක් වී නැගෙනහිර පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට සිය පක්ෂය බලාපොරොත්තු වන බව මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හෆීස් නසීර් දිව්රුම් දීමත් සමග පළාත් ආණ්ඩු වෙත නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීම පිණිස මෙම ඉල්ලීම කරන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.