නැගෙනහිර පළාතේ ඛනිජතෙල් ධාරිතාව වැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි ඛනිජතෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සදහන් කළාය.
මේ වන විට අනෙකුත් පළාත් වලට සාපෙක්ෂව එම පළාතේ ඉන්ධන ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බවත් ඒ සදහා අවශ්‍ය ඛනිජතෙල් ගබඩා කිරීමට පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් නියෝජ්‍ය ඇමතිවරිය පැවසුවාය. මේ තත්ත්වය තුල අලුතින් ඉන්ධන ගබඩා ඉදිකරන බව ඒ මහත්මිය ප්‍රකාශ කළාය.