නැගෙනහිර පළාත්සභාවේ 2015 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය අද (10දා) ඒකඡන්දයෙන් සභා සම්මතවිය.
හිටපු මහ ඇමති අබ්දුල් මජීබ් ඉකුත් දෙසැම්බර් 02දා ඉදිරිපත් කර බහුතරයක් නොමැතිව අවස්ථා තුනකදී කල්ගිය අයවැයේ වැය ශීර්ෂනව මහා ඇමති නසීර් අහමඩ්මහතා විසින්ඉදිරිපත් කෙරිණි.
සියලු වැය ශිර්ෂයන්ට පක්ෂවආණ්ඩු පක්ෂය හා විපක්ෂය අත ඔසවා සහය දැක්වූ අතර අයවැය සම්මත කර ගැනීමේවිවෘත ඡන්ද විමසීමේදී සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අයවැයට ජන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.
ඡන්දය විමසන අවස්ථාවේ මහ ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 17ක් ද විපක්ෂයේ මන්ත්‍රීවරු 14ක් ද සභා ගර්භයේ රැඳීසිටියහ.
ත්‍රිකුණාමලය නේත්‍රාංජලී අමරජීව