ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද(04) මධ්යහවයේදී පැවැත්විණ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මග පෙන්වීම මත මෙම අවස්ථාව සංවිධානයකර තිබුණි. වෙඩි මුර උත්තමාචාරය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා මහතා ද එක් විය. දිවයින වටා වූ මහ සයුර ආරක්ෂා කරමින් රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් පුද කරනු ලබන මෙම ආචාර වෙඩි මුර චාරිත්‍රය ඉතිහාසයේ සිට උත්කර්ශවත් අයුරින් සිදුකරනු ලබයි.