හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා භාවිත කළ වචන සහ මාධ්‍යවේදියෙකුට පහරදීම නිසා නාවික හමුදාවේ ගෞරවය නැතිවී ගිය බවත්, එම පහරදීම තමන් අනුමත නොකරන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
නාවික හමුදාවට වරාය ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙන බවත්,අවශ්‍ය වුවහොත් වෙඩි තැබීමට බලය තිබෙන බවත් කී නියෝජ්‍ය ඇමතිවරයා වත්මන් රජය කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් පවසා සිටියේය.
හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට පහරදීම සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය දැනගැනීම සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව්දී පැවැත්වූ සංවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ රංග කලන්සූරිය මහතා සඳහන් කළේ නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට පහරදීම තමන්ද අනුමත නොකරන බවයි.
නමුත් මාධ්‍යවේදියා විසින් සීමාව ඉක්මවා යෑම නිසා නාවික හමුදාපතිවරයාට එවැනි පහරදීමකට යෑමට සිදුව ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියෙන් පසුව මධ්‍ය ආචාර ධර්ම සඳහන් කරමින් තමන් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය නිසා යම් අයෙකුගේ සිත්රිදවීමක් වූයේ නම් එයට සමාව ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
ඒ සම්බන්ධව ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට තමන් සූදානම් බවද කලන්සූරිය මහතා පවසා සිටියේය.
ආචාර්ය රංග කලංසූරිය මහතා වමේ සිට තෙවැන්නා. නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා දකුණේ සිට දෙවැන්නා.