ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුමසඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි වීමට නියමිතය.
ඊයේ දින(04දා) ආරම්භ වූ මෙය එළඹෙන 8 වැනිදා දක්වා පැවැත්වේ. නැගෙනහිර ඉන්දියාවේ විශාකපට්නම් වෙරළතීරයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර නෞකාපිරික්සුමේ ප්‍රධාන අදියර සඳහා විදෙස් නාවික ප්‍රධානීන් 24 දෙනෙකු සහභාගි වීමට නියමිතය.
ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයේ සත්කාරකත්වයෙන්, අන්ද්රාප්රදේශයට නුදුරු බෙංගාලබොක්ක ආශ්‍රිතව සිදුකෙරෙන මෙම ජාත්‍යන්තර නෞකා පිරික්සුමේ ප්‍රධාන අදියර සඳහා ශ්‍රීලංකාව ඇතුළු රටවල් 50ක නාවික හමුදාවන් එක්වීමට නියමිතව තිබේ.
මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමග ධජ නෞකාව වන සයුර නෞකාව සමග නිලධාරීන් සහ නාවිකයන් 275 දෙනෙක් සහභාගි වෙති.