ජිනීවා මානව හිමිකම් කොමිසම සතුටු කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු සිරගත කිරීමට සැලසුම් කර තිබෙන බව ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය සඳහන් කරයි.
පසුගිය වසරේ පැවැති සභාවාරවලදීත් කොමිසම සතුටු කිරීම සඳහා නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු ඇතුළු රණවිරුවන් කිහිපදෙනෙකු සිරගත කළ බවද එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ සතිය තුළ සිරගත කිරීමට නියමිත නාවික හමුදා රණවිරුවා 23 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.