සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සිදුව ඇති බව කියන රුපියල් ලක්ෂ 50 ක මුල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව එහි හිටපු සභාපති නාලක ගොඩහේවා අද (07දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හිටපු සභාපතිවරයා අද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනි සිටීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ප්‍රථමව සුරැකුම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් 02 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.