නාරාහේන්පිට පොලීසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ජී.යූ.ඩී. ගුණතිලක මහතා අම්පාර පොලීසිය වෙත මාරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී.පී. ප්‍රසන්න මහතා නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ලෙස පත්කර තිබේ.
නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂ 25ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් ස්ථාන මාරු කිරීම්