නාය යාමේ අවදානම කල් ඇතිව හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හාලිඇල පදිංචි කාර්මික ශිල්පියෙක් සමත්ව සිටියි.
හාලිඇල බෝගහමඩිත්ත පදිංචි හේමන්ත පාලිත (50) මෙම නිර්මාණශිල්පියාය
ඔහු වෘත්තියෙන් රූපවාහිනි හා ගුවන්විදුලි යන්ත්ර අලුත්වැඩියා කරන්නෙකු වන අතර සිය තාක්ෂණික දැනුම උපයෝගි කරගනිමින් මෙම යන්ත්රය නිපදවා තිබේ.
ඉන් පසු අත්හදා බැලීමක් ලෙස හාලිඇල ජයගම ගම්මානයේ නිවාස පෙළක් අසල සවිකර ඇති අතර පසුගියදා මෙම ප්රදේශයේ නායයාමක් සක්රිය වීමත් සමග එහි අනතුරු සංඥා නිකුත් වීම නිසා නිවැසියන් නිවෙස්වලින් ඉවත්වී ඇත. පසුව බලද්දී තම නිවාසවල බිත්ති මෙන්ම පොළව ද පුපුරා තිබූ බව ඔවුහු පැවසූහ.
බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ සහාකර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම උපකරණය නිමිත තාක්ෂණය අනුව නිර්මාණය කර තිබූ බවට එය පරීක්ෂා කළ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැවසූ බවයි.