නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුළදී හදිසි අනතුරකින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනයට වශයෙන් කටයුතු කළ රෝහිණී කුමාර අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක වන්දියක් පිරිනමා ඇත.
ඊයේ (14දා) මෙම වන්දි මුදල පිරිනමා ඇත. 2016 රජයේ අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රජයේ සේවකයන් සඳහා රන් හා රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දි තිබූ අතර අතපත්තු මහත්මිය රන් රක්ෂණ යෝජනා ක්‍රමයට අයත්ව සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අතපත්තු මහත්මියගේ ස්විමිපුරුෂයා වූ තිලකරත්න අබේසිංහ මහතාට මෙම වන්දි මුදලට අදාළ චෙක්පත පිරිනමා ඇත.