(VIDEO) තමා මෙන්ම නාමල් රාජපක්ෂද අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවේ සිටින බව හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා අද (28දා) මහනුවර දළදා මාලිගාවේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් පසුව මාධ්‍ය අමතමින් පැවසීය.
නාමල් මහත්තයා ගනියි, ගෝඨාභය මහත්තයා ගනියි, බැසිල් , විමල්, මහින්දානන්ද, තව රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම ලැයිස්තුවක් තියෙනවා. අන්තිමට මාව ගනියි. මොනවා ගත්තත් රටේ ජනතාවගේ නැගිටීම නවත්වන බෑ. ජනතාව බලය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට ගිහින් ආණ්ඩු කරන්න නෙමෙයි. සිරිසේන ජනපතිවරයාත් ඒක පිළිඅරගෙන තිබෙනවා. එකනේ විපක්ෂයේ ඉන්න ඉඩ දීලා තියෙන්නේ. යනුවෙන් ඒ මහතා පැවසීය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වෙන්නේ නැති බවත් අස්කළ නොහැකි බවත් ඔහු කීවේය.
මම පක්ෂයෙන් අස්වෙන්නේ නෑ. අස්කරන්නත් අමාරුයි. මන්ත්‍රීවරු 56ක් හිටපු පක්ෂය මේ තත්ත්වයට ගෙනාවේ අපි. පොල් ගහන එක ඒකාබද්ධ විපක්ෂයේ එකක් නෙමෙයි. ජනතාව විසින් ගහන දෙයක්.ඒකයි මේ වැදීගෙන යන්නේ.
VIDEO