හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා හා නාමල් රාජපක්ෂ මහතා මැතිවරණයට ප්‍රථමව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නොකැඳවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමක් අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු සඳහන් කළේය.