අත්අඩංගුවේ පසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා එක් අයකු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා අද (22) නියෝග කළේය.
එමෙන්ම ඔවුන්ගේ විදෙස්ගමන් තහනම් කළ අතර දෙසතියකට වරක් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙසද නියෝගකළ මහේස්ත්‍රාත්වරයා සාකෂිකරුවන්ට බලපෑම් නොකරව ලෙසද නියෝගකළේය.