හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් අධිකරණයේ පෙනී සිටි තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (06දා) අධිචෝදනා පත්‍ර බාර දුන්නේය.
නඩුවට ඉදිරිපත් නොවී විදේශගතව සැගවී සිටින විත්තිකරුවන් දෙදෙනෙකු විසින් ලිඛිතව ලබා දෙන ලද අවසරය මත ඔවුන් දෙදෙනා වෙනුවෙන් නීතීඥවරුන් අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකරුවෙකු ලෙස නම් කොට සිටින ගවර්ස් කෝපරේටඞ් ලිමිටඞ් ආයතනය වෙනුවෙන් කිසිඳු නීතීඥ නියෝජනයක් සිදුවුයේ නැත.
මීට පෙර අවස්ථාවක කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම් දෙමින් සිතාසි නිකුත් කොට තිබිණි.
එලෙස නිකුත් කරන ලද සිතාසි වලට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පවිත්රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක මහත්මීන් අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැගවී සිටින බව කියන ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය විසින් ලිඛිතව ලබා දෙන ලද අවසරය මත ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා වෙනුවෙන් නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතාද ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය වෙනුවෙන් නීතීඥ පේ‍්‍රමනාත් දොළවත්ත මහතාද අධිකරණයේ පෙනී සිටියහ.
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙන්ත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.